Wednesday, November 15, 2017

වගකීම් යනු



"අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රථිඵලයක් ලෙස ඇති වන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය වගකීම් ලෙස හැඳින්විය හැකිය."
   උදා: බැංකුවකින් ලබාගත් ණය මුදලක්
           ණයට ලබාගත් භාණ්ඩ වෙනුවෙන් ගෙවිය යුතු මුදල්

මෙම වගකීම් අනාගතයේ දී ආපසු ගෙවීම සඳහා ව්‍යාපාර බැදී සිටී. ඒ නිසා මේවා වර්තමාන බැඳීම් ලෙස සැලකිය හැකිය. එසේම මෙම වගකීම් බේරුම්කිරීමේ දී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පත් හෙවත් වත්කම් ව්‍යාපාරයෙන් පිටතට ගලායාමක් සිදු වේ.
උදා: බැංකු ණය ආපසු ගෙවන විට ව්‍යාපාරයේ මුදල් ව්‍යාපාරයෙන් පිටතට ගලා යයි.

කිසියම් අයිතමයක් වගකීමක් ලෙස ගිණුම්වල පෙන්නුම් කිරීමට නම් ගෙවිය යුතු අගය විශ්වාසදායි ලෙස මැනීමට හැකි විය යුතු ය. 

මේ අනුව වගකීමක පහත සඳහන් ලක්ෂණ දැකිය හැකිය
§  අතීත ගණුදෙනුවක ප්‍රතිඵලයක් වීම
§  බේරුම් කිරීමේ දී ව්‍යාපාරයේ සම්පත්වලින් කොටසක් පිටතට ගලා යාම
§  වර්තමාන බැඳීමක් තිබීම


වගකීම් වර්ගීකරණය කිරීම
  •      ජංගම වගකීම්
  •      ජංගම නොවන වගකීම්


ජංගම වගකීම් / කෙටි කාලීන
සාමාන්‍යයෙන් මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ බේරුම් කළ යුතු වගකීම් වේ.
උදා: ගෙවිය යුතු විදුලි වියදම්
        විකිණීම සඳහා භාණ්ඩ ණයට ගැනීමේ දී බිහිවන ණය හිමියෝ


ජංගම නොවන වගකීම් / දිගු කාලීන වගකීම්
ජංගම වගකීම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් වගකීම් සියල්ල ජංගම නොවන වගකීම් වේ.(මාස 12ට වඩා වැඩි කාලයක් තුළ දී බේරුම් කළ යුතු වගකීම්)

උදා: මාස 12ට වැඩි බැංකු ණය

No comments:

Post a Comment

ව්‍යාපාර සංවිධාන හැදින්වීම හා වර්ගීකරණය කිරීම

ව්‍යාපාර සංවිධාන හැදින්වීම ජනගහනයේ වර්ධනයත් සමඟ ව්‍යාපාර විසින් සිය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරිමේ කටයුතු පුළුල් කර ඇත. එමනිස...