හිමිකම
ව්‍යාපාරය
සතු වත්කම්වලින් ව්‍යාපාරය සතු වගකීම් ගෙවා නිමකල විට ඉතිරිවන කොටස එහි
හිමිකරුවන්ට අයිති වේ.
ඒ අනුව,
"ව්‍යාපාරයක හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය
හිමිකම ලෙස හැදින්විය හැකිය".
කේවල ස්වාමි ව්‍යාපාරයක නම් ප්‍රාග්ධනයෙන් නිරූපනය වන්නේ
හිමිකමයි.
උදා:
ව්‍යාපාරයක ඇති වත්කම් ප්‍රමාණය රු.400,000කි.
ව්‍යාපාරය ගෙවිය යුතු බැංකුණය ප්‍රමාණය රු. 100,000කි.
මේ අනුව වත්කම් වලින් වගකීම් ගෙවා නිමකල පසු ඉතිරිවන අගය හිමිකම වේ.
හිමිකම =
වත්කම් - වගකීම්
=
400,000 - 100,000
=
300,000
ආදායම්
ව්‍යාපාරයක අදායම හිමිවන්නේ එහි අයිතිකරුවන්ටය. මේ නිසා ආදායම හිමිකමට එකතු
වී හිමිකම වැඩි වේ.
හිමිකරු විසින් අළුතින් ප්‍රාග්ධනය ව්‍යාපාරයට යොදවන අවස්ථා වලදී එයද හිමිකමට
එකතුවේ. එසේ හිමිකමෙහි වන වැඩිවීම අදායම් ලෙස නොසලකයි.
ඒ අනුව,
"අයිතිකරුවන් යොදවන ප්‍රාග්ධනය
නිසා හිමිකමෙහි සිදුවන වැඩිවීම් හැර හිමිකමෙහි සිදුවන අනෙකුත් වැඩිවීම් ආදායම් ලෙස
හැදින් වේ."
උදා : විකුණුම් ආදායම
ආයෝජන
අදායම්
කොමිස්
ලැබීම්
පොලී
ආදායම්
කුලී
ලැබීම්
වියදම්
ව්‍යාපාරයේ ආදායම් හිමිවනුයේ අයිතිකරුවන්ට නිසා වියදම් දරාගත යුත්තේ ද
අයිතිකරුවන් විසින් මය. ඒ නිසා වියදම හිමිකමෙන් අඩුකල යුතුය.
හිමිකම අඩු වන්නේ වියදම් නිසා පමණක් නොවේ. ව්‍යාපාරයේ ඇති මුදල් හෝ භාණ්ඩ
අයිතිකරුවන් විසින් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගැනීම නිසා ද හිමිකම අඩු වේ. මෙය ගැනිලි
ලෙස හදුන්වයි.
ඒ අනුව,
"ගැනිලි නිසා සිඳුවන
හිමිකමෙහි අඩුවීම හැරුණූ විට හිමිකමෙහි සඳුවන අඩුවීම වියදම් ලෙස හැදින්වේ."
උදා: වැටුප් හා වේතන
රක්ෂණ
ගාස්තු
ණය පොලී ගෙවීම
විකුණු
භාණ්ඩ සඳහා දරා ඇති පිරිවැය
ඉහත සඳහන් කල ආදායම හා වියදම අතර වෙනස ලාභය හෝ අලාභය ලෙස හඳුන්වයි.
ලාභය = ආදායම
- වියදම
ලාභයක් නම් එය හිමිවන්නේත් අලාභයක් නම් එය දරාගත යුතු වන්නේත් හිමිකරු
විසිනි. එබැවින් ලාභය හෝ අලාභය අවසාන වශයෙන් හිමිකමට ගළපනු ලැබේ. එවිට
ඉතිරි වන්නේ වත්කම්, වගකීම් හා හිමිකම් පමණි.
Thank you,!
ReplyDelete