Tuesday, November 21, 2017

ව්‍යාපාර සංවිධාන හැදින්වීම හා වර්ගීකරණය කිරීම


ව්‍යාපාර සංවිධාන හැදින්වීම

ජනගහනයේ වර්ධනයත් සමඟ ව්‍යාපාර විසින් සිය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරිමේ කටයුතු පුළුල් කර ඇත. එමනිසා මිනිසාගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධානද බිහිවී ඇත. මෙසේ අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ඒකරාශී වීම ව්‍යාපාර සංවිධානයක් ලෙස හැදින් වේ.

ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කිරීම

ශ්‍රී ලංකාව තුළ පවත්නා විවිධ ස්වරූපවල ව්‍යාපාර සංවිධාන වර්ග පහත දැක්වෙන නිර්ණායක යටතේ වර්ග කළ හැකිය.
  1.  හිමිකාරිත්වය අනුව / අයිතිය අනුව
  2.  අරමුණ අනුව
  3.  පරිමාණය අනුව


හිමිකාරීත්වය හෙවත් අයිතිය මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම

හිමිකාරීත්වය මත ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරේ.
  01.  පෞද්ගලික අංශයේ ව්‍යාපාර
  02.  රාජ්‍ය / පොදු ව්‍යාපාර

පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන

අයිතිය පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට සීමා වන ව්‍යාපාර සංවිධාන වර්ගයකී.
උදා : කේවල ස්වාමී ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමිති සංවිධාන සහ සමුපකාර අදීය දැක්විය හැකිය.

රාජ්‍ය / පොදු ව්‍යාපාර

රජය විසින් ප්‍රග්ධනය සපයා ඇති හිමිකාරීත්වය රජය සතු ව්‍යාපාර රාජ්‍ය අංශයේ ව්‍යාපාරවේ.
උදා : රාජ්‍ය දේපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, රාජ්‍ය සංස්ථා අදිය.

රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යාපාර මධ්‍යම රජය, පළාත් සභා හා පළාත් පාලන ආයතන යටතේ පාලනය වීම දැකිය හැකිය.

v  හිමිකාරීත්වය මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල් කාරීත්වය සහිත ව්‍යාපාර සංවිධාන ක්‍රමද දැකිය හැකිය.
උදා : ශ්‍රී ලංකා ටෙලිකොම්

හිමිකාරීත්වය යටතේ ව්‍යාපාර සංවිධාන වර්ග වී ඇති ආකාරය


                                       ව්‍යාපාර සංවිධාන

      පෞද්ගලික අංශය                                            රාජ්‍ය අංශය
            ඒක පුද්ගල (කේවල ස්වාමි) ව්‍යාපාර                       රාජ්‍ය සංස්ථා
හවුල් ව්‍යාපාර                                                        රාජ්‍ය සමාගම්
සංස්ථාපිත ව්‍යාපාර                                                රාජ්‍ය දෙපාර්තමේන්තු
සමුපකාර සමිති                                                    පළාත් සභා හා පළාත් පාලන                              සමිති සංවිධාන                                                      ආයතන යටතේ පවතින ව්‍යාපාර

අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම.


     අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකිය.
01.      ලාභ අරමුණු කරගත් ව්‍යාපාර
02.      ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර

ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන

ලාභ ඉපයීම ප්‍රධාන අරමුණ කර ගත් ව්‍යාපාර සංවිධාන මේ යටතට අයත් වේ. මෙවැනි ව්‍යාපාර පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද දැකිය හැකිය.

ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන

සාමාජිකයන්ගේ හා සමාජ සුබ සාධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවිධාන වේ. මෙවැනි ව්‍යාපාර පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද දැකිය හැකිය.

ව්‍යාපාර සංවිධාන

                ලාභ අරමුණු කර ගත්                                        ලාභ අරමුණු කර නොගත්

පෞද්ගලික අංශය              රාජ්‍ය අංශය             පෞද්ගලික අංශය          රාජ්‍ය අංශය
ඒක පුද්ගල ව්‍යාපාර          රාජ්‍ය සමාගම්            සමුපකාර සමිති               රාජ්‍ය සංස්ථා
   හවුල් ව්‍යාපාර                                                    සමිති සංවිධාන                දෙපාර්තමේන්තු
   සංස්ථාපිත සමාගම්

පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම

කිසියම් ව්‍යාපාර සංවිධානයක පරිමාණයක් විවිධ නිර්ණායක මත තීරණය කරනු ලැබේ. ඒසේ සලකනු ලබන නිර්ණායක ලෙස,  
                    ව්‍යාපාරයේ ප්‍රග්ධන ප්‍රමාණය
                    සේවක සංඛ්‍යාව
                    භාවිතා කරන බලශක්ති ප්‍රමාණය
                    ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස

පොදුවේ ව්‍යාපාර සංවිධාන පරිමාණය අනුව ප්‍රධාන කොටස් 02 කි.
     01.  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
     02.  මහා පරිමාණ ව්‍යාපාර

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

පහත සඳහන් ලක්ෂණයන්ගෙන් යුත් ව්‍යාපාර සංවිධාන සුළු මා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධාන යටතට අයත් වේ.
      සාපේක්ෂව කුඩා ප්‍රාග්ධනයක් ආයෝජනය කර තිබීම.
      අඩු සේවක සංවිධානයක් සිටීම.
      ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව සේවක සංඛ්‍යාව 25ට අඩු.
      වෙළඳපොල කොටස කුඩා වීම.

මහා පරිමාණ ව්‍යාපාර

සුළු පරිමාණ ව්‍යාපාරවලට සාපේක්ෂව මහා පරිමාණ ව්‍යාපාර සංවිධාන වල පහත ලක්ෂණ දක්නට ඇත.
    සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් ආයෝජනය කර තිබීම.
    විශාල සේවක සංඛ්‍යාවක් සේවය කිරීම.
    විශාල සේවක සංඛ්‍යාවක් සිටීම.
    අදාළ කර්මාන්තය තුළ විශාල බලපෑමක් කළ හැකි වීම.

                                                               ව්‍යාපාර සංවිධාන

සුළු හා මධ්‍ය පරිමාණ                                    මහා පරිමාණ


 විධිමත් ව්‍යාපාර සංවිධාන වල දැකිය හැකි පොදු ලක්ෂණ
v   අරමුණක් පැවතීම
v   සංවිධාන ව්‍යුහයක් පැවතීම
v   පුද්ගලයන් නිරතව පැවතීම
v   නාටයක් පැවතීම
v   පැවැත්මක් තිබීම
v   පාලන ක්‍රමයක් පැවතීම
v   ආර්ථික කටයුත්තක නියැලීම


ව්‍යාපාර සංවිධාන හැදින්වීම හා වර්ගීකරණය කිරීම

ව්‍යාපාර සංවිධාන හැදින්වීම ජනගහනයේ වර්ධනයත් සමඟ ව්‍යාපාර විසින් සිය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරිමේ කටයුතු පුළුල් කර ඇත. එමනිස...