ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශව අතර සිදුවන සම්පත්
හුවමාරු වීම ගනුදෙනුවක් ලෙස හඳුනාගත හැකිය.
* ව්‍යාපාරයක් විසින් අතිපිට මුදලට භාණ්ඩ ව්‍යාපාරයට
ලබාගත් විට ව්‍යාපාරය සහ භාණ්ඩ සැපයුම්කරුවන් යන පාර්ශව දෙක අතර මුදල් හා භාණ්ඩ
හුවමාරු වේ.
ව්‍යාපාරයක විවිධ ස්වරූපයේ ගනුදෙනු පැවතිය ද,
ගිණුම්කරණයේදී සැලකිල්ලට ගණු ලබන්නේ වටිනාකම මුදලින් මැනිය හැකි ගණුදෙනු
පමණි.
උදා : රු. 100,000කට භාණ්ඩ තොගයක් විකිණීම
රු.
20,000ක විදුලි බිල ගෙවීම
.
ගනුදෙනුවක ආකාරයෙන් සිදු නොවන නමුත් ව්‍යාපාරය තුල
සිඳුවන ඇතැම් සිද්ධීන් ගිණුම්කරණයේ දී ගනුදෙනු ලෙස සැලකිල්ලට ගනු ලබයි.
උදා : රු. 10,000ක භාණ්ඩ තොගයක් විනාශ වීම
රු. 3,000ක ලැබිය යුතු ණය මුදලක් බොල් ණය
බවට පත්වීම
ගනුදෙනුවක් සිදුවියහැකි ආකාර
අත්පිට: ගනුදෙනුවේ වටිනාකම
ගනුදෙනුව සිඳුවන අවස්ථාවේ දී ම බේරුම් කෙරෙන්නේ නම් එය අත්පිට සිදුවන ගනුදෙනුවකි.
ණයට: ගනුදෙනුවේ වටිනාකම, පසුව බේරුම් කිරීමට එකඟ වන්නේ නම්
එය ණයට සිදු වූ ගනුදෙනුවකි.
ව්‍යාපාරික ගනුදෙනු වල ප්‍රතිඵල ලෙස පහත දෑ ජනිත වේ.
§ වත්කම්
§ වගකීම්
§ හිමිකම්
§ ආදායම්
§ වියදම්
ඔබගේ උත්සාහය අගය කොට සලකමි. හැකිනම් අපගේ දැනුම උදෙසා මේ හා සබැඳෙන ලිපි පළකරන මෙන් ඉල්ලා සිටිමි.
ReplyDelete