ගිණුම්කරණය යනු ව්‍යාපාර
කෙරෙහි ආල්මක් ඇති පාර්ශව වලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලියයි.
ව්‍යාපාරික
තීරණ සඳහා අවශ්‍ය මූල්‍යමය තොරතුරු සැපයීමට පවත්නා ගිණුම්කරණය, මූල්‍ය ගිණුම්කරණය ලෙස හැදින්වේ.
ගිණුම්කරණය අවශ්‍යවන්නේ ව්‍යාපාර ඒකක කෙරෙහි
ඇල්මැති පාර්ශව වලට තීරණ ගැනීමේ දී ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීම සඳහා යි. (ඇල්මැති
පාර්ශව : හිමිකරුවන්, ණය හිමියන්, ගනුදෙනුකරුවන්, රජය )
ගිණූම්කරණයේ ප්‍රධාන අරමුණ ව්‍යාපාරය කෙරෙහි ඇල්මැති
පාර්ශවවලට අවශ්‍ය විවිධ තොරතුරු සැපයීමයි.
ගිණූම්කරණයේ සෙසු අරමුණු :
- ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැන ගැනීමට
- ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායක ද යන්න දැන ගැනීමට
- නීතිමය අවශ්‍යතා ඉටු කිරීම (සමාගම්, රාජ්‍ය සංස්ථා ආදී සමහර ව්‍යාපාර සඳහා ගිණුම්වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.)
- ගනුදෙනු අමතක වීම හා අතපසු වීම ආදිය තුළින් සිදුවිය හැකි අවාසි අවම කර ගැනීමට.
- මූල්‍ය කටයුතු ක්‍රමවත් කර ගැනීමට
No comments:
Post a Comment